රට තුළ පවතින තත්ත්වය හමු වේ පෞද්ගලික බස් රථ ධාවනය සිදුකිරීම අසීරු වී ඇතැයි එම බස් සංගම් පවසයි.
එහෙත් පවතින තත්ත්වය හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීමකට කිසිවිටකත් කටයුතු කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසු වේ , බස් හිමියන් පත්වන අපහසුතාවයෙන් මුදා ගැනීමට දිය හැකි සියලු සහන ලබාදීමට රජය සූදානම් බවය.
බස් හිමියන්ගේ ආදායම් අඩුවීම පිළිබඳ ව මේ වනවිට සාකච්ඡා කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ඇතැම් සහන ලබා දී ඇතැයි ද පැවසීය.
මගීන්ට ද ආර්ථික ගැටළු ඇති බැවින් මෙවැනි බස් ගාස්තු ඉහළ දැමීමක් කිසිසේත් අනුමත කළ නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



