මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පස්වරුවේ රත්නපුර ගොඩකවෙල පැවති ජන හමුවකදීය.
උපාධිධාරීන් ලෙස කටයුතු කිරීමේදී ඔවුන්ගේ දැණුම ඵලදායි ලෙස යොදා ගතයුතු බවත් එය රටේ ආර්ථිකය ශක්තිමත්කර ගැනීම සඳහා යොදාගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු කිහිපයකට සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පැමිණියේය.



