අඟුලාන පොලීසියට අලාභ හානි කරමින් ප්‍රදේශවාසීන් කලහකාරීව හැසිරීමේ සිදුවීමේදී පොලීසීය ක්‍රියා කළ ආකාරය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.
ඒ, පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයෙන් ය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, එවැනි සිදුවීමක් ඇති වූයේ පොලීසිය නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ද යන්න පිළිබඳව එහිදී සොයා බැලෙන බවයි.
ප්‍රදේශවාසීන් එල්ල කළ ප්‍රහාරවලින් අඟුලාන පොලීසීයට සිදුව ඇති අලාභය රුපියල් 70,000 ක් පමණ වන බව ද ඔහු සඳහන් කළේ ය.
පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අඟුලානේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගනිමින් එලෙස ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක් ඇති විය.
අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ලබන 30 වැනිදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට යළි කරුණු වාර්තා කිරීමට නියමිත ය.



