සමෘද්ධිලාභීන්ට පොලී රහිත ණය වැඩපිළිවෙලක්

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේ ඔවුන් හට පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට ද, මේ වන විට පියවර ගෙන ඇති බවය. ඊට අමතරව සියයට 04ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදී ඇති බව බන්දුල තිලකසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News