ලැසී සහ කොස්ගොඩ තාරකගෙන් බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට මරණ තර්ජන

Share

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක සහ ලැසී ඇතුළු පිරිසක් බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට මරණ තර්ජන එල්ල කර තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවය.

අදාළ රැඳවියන් ආහාර වර්ජනයක නිරතව සිටියදී ඒ පිළිබඳ සොයා බැලීමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එහි ගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ, එහිදී තමන් ඇතුළු නිලධාරීන්ට ඔවුන් මරණ තර්ජන එල්ල කළ බවයි.

සිය ජාලය තවදුරටත් ක්‍රියාත්මක බවත්, තමන් සතුව ගිනි අවි පවතින බවත් සඳහන් කරමින් මෙම ප්‍රබල අපරාධකරුවන් තමන් ඇතුළු නිලධාරීන්ට තර්ජනය කළ බව ඔහු පැවසුවේ ය.

Read more

Local News