තවත් කඳුකර කොටියෙක් මරුට – සැකකරුවන් සොයා පරීක්ෂණ

Share

නාවලපිටිය, මාපකන්ද ප්‍රදේශයේ කැලැවක කෝපි ගසක් මත මිය ගොස් සිටි කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත යොමු කර තිබේ.

 

නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී , පසුව එය සවිකර තිබු මුගුර සමග ගසට නැගීමේ දී ගස් දෙබලෙහි සිර වී කොටියා මෙලෙස මියගොස් ඇත.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 7ක පමණ කොටි දේනුවක් බවත්, කොටියා මද්දට හසුවීම හේතුවෙන් උදරය ප්‍රදේශය දැඩි ලෙස තුවාල සිදු වී තිබු බවත් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වනසත්ව අඩවි ආරක්ෂක, ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

මද්ද ඇට වු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ශනයක් ද ආරම්භ කළ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News