බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.

 

ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ.

බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙය සිදුකරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News