රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීම සම්බන්ධයෙන් සියලු පාර්ශව ගැන පොලීසියෙන් විමර්ශනය කළ යුතුයි

Share

ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට කටයුතු කරන බව අද (21) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී එම කමිටුවේ සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

 

මෙම ගොඩනැගිල්ල කඩාදැමීම සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු නොකළ බවත් රාත්‍රී කාලයේ මෙම කඩාදැමීම සිදු කර ඇති අතර ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් පසු දිනම පොලීසියට පැමිණිලි කළ බවත් ඒ මහතා පැහැදිලි කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශව ගැන පොලීසියෙන් විමර්ශනය කළ යුතු බවත් වගකිව යුත්කන් නිවැරදිව හඳුනාගත යුතු බවත් ඒ මහතා පැවසීය.

එහිදි ඒ මහතා සඳහන් කළේ මීට පෙර වතාවකද, මර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කළ මාර්ගය පුළුල් කිරීමේ කටයුත්තකදී තවත් ඓතිහාසික  ගොඩනැගිල්ලකට යම් හනීයක් සිදු කළ බවය. කෙසේ වෙතත් මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරාට කිසිදු හානික් සිදු කිරිමට අවස්ථාව ලබා නොදෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගියදා කුරුණෑගල පැවති ජනහමුවකදී  ප්‍රකාශ කර තිබේ.

Read more

Local News