ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් ආයතනවල වන්දි ජූලි 25 වැනිදා සිට

Share

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනවල තැන්පත්කරුවන් ට රක්ෂණ වන්දි ගෙවීම ජූලි 25 වන දා සිට අරඹන බව මහ බැංකුව පවසයි.

 

මෙම ආයතනවල ව්‍යාපාර කටයුතු මහ බැංකුව විසින් පසුගිය දා තහනම් කෙරිණි.

මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත් ව වන්දි මුදල් ලබා දෙනු ලබන බව ද මහ බැංකුව නිවේදනය කරයි.

දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මඟින් එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර පහත දැක්වෙන දුරකථන අංකයන්ට ඇමතීමෙන් ලබා ගත හැකිය.

මහජන බැංකුව : 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703

ශ්‍රී ලංකා මහ බැංකුව : 0112 – 398788, 0112-477261

Read more

Local News