දැවි තෙල් බැහැර කළ සමාගම් 15 ක බලපත්‍ර අත්හිටුවයි

Share

පරිසර නීති උල්ලංඝණය කරමින් නැව්වල දැවි තෙල් බැහැර කළ මෙරට සමාගම් 15 ක බලපත්‍ර අත්හිටවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ, නාවික හමුදාව, පොලිස් පරිසර ඒකකය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කළ වැටලීම්වලදී මෙම ආයතන හඳුනා ගත් බවයි.

නෞකාවල දැවි තෙල් ලබා ගෙන ඒවා නිසි ලෙස බැහැර කිරීමේ වගකීම ගන්නා සමාගම් 28 ක් මෙරට ක්‍රියාත්මක වේ.

ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ එම සමාගම්වලින් බහුතරයක් නිසි ලෙස ක්‍රියාකර නොමැති බවයි.

Read more

Local News