එක්සත් ජාතික පක්ෂය කඩා දැමූ සජිත් ප්‍රේමදාස මහතාට රට බෙදා වෙන් කිරීම අරුමයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති මාලාව සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානකම් තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මහ මැතිවරණයට තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානර කළ ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තෙල්දෙණියේදී ඊයේ (21) පැවති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපති ප්‍රේමදාස යුගයේ හැටදහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ඝාතනය කළ බවත්, එකළ වෛද්‍ය පීඨයේ සිටි වෛද්‍ය සිසුන් පමණක් 22දෙනෙකු ඝාතනය කළ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ප්‍රේමදාස යුගයේ ඉතිහාසය මෙය බවත් නමුත් එය බොහො පිරිසකට මේවන විට එය අමතක වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පියාගේ පාලන කාලයේ සිදුකළ දේ පුතාගේ පාලනයක් යටතෙත් සිදුවිය හැකි බවට බියක් දැනෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



