ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග හෙට (23) දිනයේ තීරණය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසීය.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවය.
හෙට දිනයේ සිය සංගමයේ විධායක සභාව රැස්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේය.
මේ අතර වරාය වෘත්තිය සමිති ද විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.



