ආණ්ඩුව එම්සීසී ගිවිසුම අත්සන් කරන්න එකඟයි – රනිල්

Share

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස්කර ඩොලර් බිලියනයක් ලබාගැනීමට ආණ්ඩුව සුදානම්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

රටේ පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි නිසා මෙලෙස රටේ සම්පත් උගස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

රත්නපුර ප්‍රදේශයේ  පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එමෙන්ම එම්සීසී ගිවිසුම අත්සන් කිරීමටද මේ වන විට ආණ්ඩුව එකඟ වී ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News