අනුර කුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Share

තම පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ලබාදීමට කටයුතු කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙතෙක් කල් මෙරට පාලන බලයට පත් වු අය සිය පවුලෙන්ම තවත් නායකයෙකු බිහි කිරීමට උත්සහ කළා මිසක රට ගොඩනැගීමට කටයුතු නොකළ බවත් එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව ජාතික ජන බලවේගයට රට භාර දීමට සූදානම් නම් සහතික වශයෙන්ම රට හැදීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News