අගෝස්තු 1 වැනිදා සිට පෙර පාසල් යළි අරඹයි

Share

අගෝස්තු මස පළමු වනදා සිට දිවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණ තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒ බව සඳහන් කළ බවයි.

කැබිනට් මණ්ඩලයේදී පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බව ද අමාත්‍යවරිය එහිදී පවසා ඇත.

අගෝස්තු මස 1 සිට දිවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත් එකඟත්වය පළ කළ කර තිබේ.

කොවිඩ් – 19 සමාජය තුළ පැතිරීම වැළැක්වීම සෑම අවස්ථාවකම රජයේ ඉලක්කය වී තිබූ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා ඇත.

Read more

Local News