කැස්බෑවේ හෝටල් හිමිකරු ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Share

කැස්බෑව, පිළියන්දල ගුරුගම්මාන ප්‍රදේශයේ හෝටලයක හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය හත්වන දින අළුයම පිළියන්දල ගුරුගම්මාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණි.

50 හැවිරිදි අදාළ පුද්ගලයා සිය ඇඳ මත නිදා සිටිය දී ඝාතනයට ලක් ව තිබූ අතර එහි දී ඔහුගේ බිරිඳට ද තුවාල සිදු වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ගෙන් එක් අයෙකු අදාළ හෝටලයේ සේවය කර ඇති බව ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඝාතනය සඳහා යොදාගත් ආයුධ ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රත්‍රං පවුම් 34ක් සහ මැණික් ගල් 13ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

 

Read more

Local News