විදෙස්ගත පිරිසක් දිවයිනට

Share

විදේශයන් හි රැඳී සිටි පිරිසක් අද (23) උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව අබුඩාබී සිටි එක් පුද්ගලයෙක්, දෝහා සිට පුද්ගලයින් 29 දෙනෙක් හා චෙන්නායි සිට පුද්ගලයින් 14ක් දිවයිනට පැමිණ තිබේ.

මෙසේ පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර ඇතැයි ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර අද උදෑසන 6 වන විට ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයින් 22 ක් අලුතින් හඳුනා ගෙන තිබේ. ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් ඇසුරු කළ අයෙක්, සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 13 දෙනෙක්, ඩුබායි සිට පැමිණි එක් අයෙක්, එක්සත් අරාබි රාජධානියේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙක් ලෙසය.

මේ අතර අද දිනය වන විට පුද්ගලයින් 25,316ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිට ව ගොස් ඇත.

අද දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුළ පුද්ගලයින් 4,984ක් නිරෝධායනය වෙමින් සිටී.

එයින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 132ක් අද දිනයේ පිට ව යෑමට නියමිත ව ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read more

Local News