මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙටත් අසනීප නිවාඩු

Share

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ අද රැස්වූ තම සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි මේ තිරණයට එළඹුණු බවයි.

නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයට විරෝධය පළ කරමින් තම සාමාජිතයින් කොවිඩ් 19, ඩෙංගු ඇතුළු බෝවන රෝග පිළිබඳ රාජකාරිවලින් ඉවත් වී අද වන විට දින 8ක් ගතවන බව ද මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසී ය.

Read more

Local News