කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට ඇතුළු වීම වළක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිෂාර ජයරත්න මෙනවිය සඳහන් කළේ, විමර්ශන අවසන් වනතුරු එම ස්ථානයේ ආරක්ෂාව සඳහා එම නියෝගය ලබා ගත් බවයි.



