රටක් ආරක්ෂා කළ හැකි ක්‍රමයක් ගැන අනුර කියයි

Share

රටක් ආරක්ෂා කළ හැකි වන්නේ එම රටෙහි ආර්ථිකයේ ශක්තිමත්භාවය මත බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ආර්ථිකය කඩා වැටුණු රටක ස්වෛරීභාවය ආරක්ෂා විය නොහැකි බවද ඒ මහතා පවසයි.

කඩුවෙල පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩා වැටුණු විට ණයකරුවන් රටට බලපෑම් කිරීමට කටයුතු කරන බවත් එවිට රට ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නැති බවත් අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේය.

Read more

Local News