පොලීසියට අවශ්‍යව සිටි පාතාල කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට පළවන තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නැති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ඊයේ(23) මාධ්‍ය වාර්තා කර තිබුණේ, විෂ ශරීරගත වීමකින් “අංගොඩ ලොක්කා” මියගොස් ඇති බවය.
අංගොඩ ලොක්කා මීට මාස ගණනකට පෙර ඉන්දියාවේ රථ ගාලක සිටියදී ලොරියක හැපී තුවාල ලබා බැංගලෝර්හි රෝහලක ප්‍රතිකාර ලබා තිබේ.
ඔහු මීට පෙර ඉන්දියාවේදී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන යුරෝපයට පැනයාමට සූදානම් වන බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණ කර ගෙන තිබුණි.
බුද්ධි අංශ පවසන්නේ, “අංගොඩ ලොක්කා”, ඝාතනය වූ බවට ප්‍රචාරය කොට යුරෝපයට පැන යාමට සැලසුම් කළා ද යන්න සැක පළවන බවය.
2017 වසරේදී පෙබරවාරි මස 27 දින කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායකයෙකු වන සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද “අංගොඩ ලොක්කා” ය.



