මැතිවරණ කොමිසමේ අද විශේෂ සාකච්ඡාවක්

Share

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳ වූ බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

 

ඒ, එළඹෙන 5 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

ඔවුන් සමග සාකච්ඡා වට 2 ක් අද දිනයේදී පැවැත්වෙනු ඇති.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද විමසීම පැවැත්වීම හා ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

Read more

Local News