ඕනෑම අවස්ථාවක සමාජයෙන් ආසාදිතයන් හමුවෙන්න පුළුවන් – වෛද්‍ය සුදත් සමරවීර

Share

ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

 

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති නිසා වෛරසය පාලනය කළ තත්ත්වයක් මෙරට පවතින බවය.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව පැවසීය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජන අනුපාතයට අනුව තෝරාගත් කණ්ඩායම් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News