දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වේ.
ඒ සඳහා සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් අද පෙරවරු 10.30 මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
එහිදි නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
එමෙන්ම මෙහිදි ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිතය.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් සමග ද මැතිවරණ කොමිසම ඊයේ (26) සාකච්ඡාවක නිරත විය.



