වැඩි වියදමක් දැරීමට සිදුවී ඇති වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පිළියන්දල ඊයේ (26) පැවති ජනහමුවකදීය.
එහිදි ඔහු පැවසුවේ ඡන්ද දායකයන් හඳුනාගැනීම සඳහා අපේක්ෂකයින් විසින් ගෙයින් ගෙට ගොස් ඔවුන් හමුවිය යුතු බවය.
එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ජනතා මතය විමසා ඒ අනුව අණ්ඩු ගෙන යා යුතු බවත් ය.



