කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන සීගිරිය විලේජ් හොටේල්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ ලංකෙම් සිලෝන් පීඑල්සී විසින්, තමන් විසින් දරන ලද කොටස් හිමිකාරීත්වය පසුගිය සිකුරාදා (24) විකුණා දමන ලදී.
මෙහිදී ගැනුම්කරුවා වූයේ යූනියන් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගමයි. මෙය C M HOLDINGS PLC හි පූර්ණ අනුබද්ධ සමාගමකි.
සීගිරිය විලේජ් හොටේල්ස් පීඑල්සී හි කොටස් 2,080,518 ක් රු. 32.00 බැගින් මෙහිදී ගනුදෙනු වූ අතර එය සමාගමේ සමස්ත කොටස් ප්රාග්ධනයෙන් 23.12% කි. මෙය රු. මිලියන 66.57 ක ගනුදෙනුවකි.




                                    