ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන් වේ

Share

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 95ක් පමණ මේ වන විට බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

 

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ හෙට (29) දිනය වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

හෙට දිනයෙන් පසුව ද, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් සිටිනම් ඔවුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමේ හැකියාව පවතින බව රංජිත් ආරියරත්න මහතා පැවසීය.

Read more

Local News