රැඳවියන් සිව් දෙනෙකු විසින් ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට සිදුකර ඇති ප්‍රකාශයක් මත ඊයේ (28) වාරියපොළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.
කෙසේවෙතත් අදාළ නියාමකවරයා බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටිමින් රැඳවියන්ගේ හෙරොයින් ජාවාරමට ආධාර අනුබලදිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බන්ධනාගාර සැරයන්වරයා රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
පසුගිය 27 වනදා පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් අදාළ බන්ධනාගාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ සැකකරු ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින 07ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරිමට අවසර ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.



