විනිවිදභාවයකින් යුත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අඟුණුකොළපැලැස්සේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මැතිවරණයෙන් ජයගත් පසු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට රටේ සෑම ප්‍රදේශයකම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඒවා විමර්ශනය කරන බවය.
වසර 30ක අත්දැකීම් සහිතව හොඳ නරක කුමක්ද යන්න හොඳාකාරව තමාට වැටෙහෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



