සජිත් කරන්න බැරි දෙයක් ගැන අනුර කියයි

Share

පාර්ලිමේන්තුව තුළ බලවත් විපක්ෂයක් නිර්මාණය කිරීමට නම් ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදිය යුතු බව එහි නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඊයේ (29) හෝමාගම පැවති ජනහමුවකට එක් වෙමින්, ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු රටේ පාර්ලිමේන්තුව ජනතාව අසාධාරණයට ලක් කරන තීන්දු ගෙන එන විට ඒවාට එරෙහිව නැගී සිටිය හැකි බලවත් විපක්ෂයක් නිර්මාණය කළ යුතු බව ඒ මහතා පැවසීය.

එවැනි බලවත් විපක්ෂයක් කිසි ලෙසක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට නිර්මාණය කළ නොහැකි බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News