ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන නිවුන් අලි උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.
නැගෙනහිර වනජීවි කලාපයේ මාදුරැඔය ජාතික වන උද්‍යානයේ පනිජ්ජාඔය ප්‍රදේශයේ සැරිසැරූ ඇතින්නියක විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනා බිහි කර ඇත.
කෙසේ නමුත් නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ දිවි ආරක්ෂා වී නොමැති අතර අඩු මාසයෙන් බිහි වී ඇති පැටවුන් දෙදෙනා එම අවස්ථාවේම මරණයට පත් වන්නට ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
ලොව නිවුන් අලි උපත් පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් දුර්ලභ වශයෙනි. නිවුන් අලි උපත් පිළිබඳ දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ ඉන්දියාවෙන් මීට පෙර වාර්තා වී තිබේ.