රාජාංගනයේ තැපැල් ඡන්දය අද

Share

කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමග සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිදු කෙරෙයි.

 

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක මහතා පැවසුවේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420 ක අද සිට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, නිල ඡන්ද පත්‍රිකාවලින් 98% ක් පමණ මේ වන විට නිවෙස් වෙත බෙදා හැර අවසන් බවයි.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙසද, ඔහු දැනුම් දෙයි.

Read more

Local News