මැතිවරණ නීති කඩ කරන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

Share

මැතිවරණ නීති රීතිවලට පටහැනිව කටයුතු කරන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

 

නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවය.

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සියලු පොලිස් නිලධාරින්ට ලබා දී ඇති බැවින් ඊට එරෙහිව කටයුතු කරන නිලධාරින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මේ වන විට පුද්ගලයින් 317 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මේ අතර මහ මැතිවරණය සඳහා ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් හෙට (31) දිනයේ සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more

Local News