ලබන මස පළමු වන දා සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල අහඹු නියැඳි ලබාගනිමින් එම පරීක්ෂණ සිදුකිරීමට සැළසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
මේ මගින් මාසයකට මෙරට පී.සී.ආර් පරීක්ෂණ 37,000ක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.



