මත්ද්‍රව්‍ය සමග ප්‍රා.ලේ.කාර්යාල නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

කැලණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

එම සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ, පට්ටියහන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

Read more

Local News