ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින් ලගම තැපැල් කාර්යාලයට යන්න

Share

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

 

කෙසේවෙතත් මේ දක්වාත් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් සංචරණ කටයුතු සීමා කර තිබූ රාජාංගනය ප්‍රදේශයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අද සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

මේ අතර මෙවර මහ මැතිවරණය ‍වෙනුවෙන් විශේෂ බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මෙම විශේෂ බස් සේවය ලබන 10 වන දා දක්වා ක්‍රියාත්මක අතර අතිරේක බස් රථ 100ක් දෛනිකව යෙදවීමට පියවර ගෙන ඇති බව ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය මහතා පැවසීය.

Read more

Local News