මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ජංගම දුරකථන විසිකරලා

Share

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද ජංගම දුරකථන 04ක් හමු වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

එම ජංගම දුරකථන 04 බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය ජුලි මස 21 දින ද මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පාර්සලයක තිබී ජංගම දුරකථන 04ක් සොයාගනු ලැබුවේය.

එම පාර්සලය තුළ තිබී හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් ද සොයාගැණුනි.

Read more

Local News