තමාට එල්ල වන ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පසුගියදා බොරැල්ලේ පැවති ජන හමුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“පොහොට්ටුවේ අය බැංකු හොරුත් එක්ක එකතු වෙලා අපිට මඩ ගහන්න පටන් අරන්..මෙම මගේ අමාත්‍යාංශයෙන් තේ උගුරක්වත් බීලා නෑ..මම පරාර්ථකාමීව වැඩ කරන්නේ.”
“අපි සල්ලි අවභාවිත කරාලු..එහෙම කියන්නේ ටොම්පච හොරුන්ගේ දූතයෝ..”
“මම නියම ප්‍රේමදාස කෙනෙක් වගේ ඕනෑම චෝදනාවකට මුහුණ දෙන්න ලෑස්තියි. ප්‍රේමදාසලා කවදාවත් වැටෙන්නේ නෑ. මම කාමර ඇතුළේ ඉදගෙන ප්‍රභූ දේශපාලනය කරන්නේ නෑ..



