පොලීසියට යොමු වන මැතිවරණ පැමිණිලි නිලධාරීන් නිසි ලෙස විමර්ශනය කරන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බව පොලීසිය පවසයි.
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, අපක්ෂපාතී ලෙස කටයුතු නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
මේ අතර මැතිවරණ නිතී නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා කෙරෙන පොලිස් ජංගම සංචාර දෙගුණ කර ඇති බව ද ඔහු පැවසුවේ ය.
ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ , මැතිවරණ පැමිණිලි සඳහා සාධාරණ පරීක්ෂණ නොපවත්වන්නේ නම් ඒ පිළිබඳ 1933 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 300 කට අධික ය.
ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 346 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ ය.



