විදෙස්ගත ශ්රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ විය.
විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ඒ අනුව අද ඩුබායි සිට 330 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බවයි.
අබුඩාබිහි රැඳී සිටින 300 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්රකාශ කළේ ය.
කෙසේ වෙතත් මහ මැතිවරණය හේතුවෙන් අනිද්දා සිට ලබන 08 වැනිදා දක්වා කාලය තුළ විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවනු ඇති.
ලබන 8 වැනිදායින් පසු එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.



