තරුණ පරපුර ගොවිතැනට ආකර්ශණය වන ආකාරයේ කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගතහැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව බව පැවසීය.
ජනාධිපතිවරයාගේ මොණරාගල දිස්ත්‍රික් චාරිකාව තණමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගණයෙන් ඇරඹුණි.
විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයාව එහි විදුහල්පති, ගුරුවරුන් සහ සිසු සිසුවියන් විසින් පිළිගනු ලැබිණ.
විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අගයමින් සුලෝචනා සංදීපනී ශිෂ්‍යාව එහිදී කතාවක් ද කළාය.
ගොඩනැගිලි සහ පානීය ජලය ඇතුළු අඩු පාඩු කිහිපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටුකරන්නැයි ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.
අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා තණමල්විල පොදු ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා ජනතා ගැටලු විමසා බැලීය.
විශාල ගැටලුවක්ව ඇති වන අලි තර්ජනය, ඉඩම් ඔප්පු නොලැබීම, පොල්කටුවැව ඇළ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිවරයාව දැනුවත් කළහ.



