අගෝස්තු 5- 6 දිවයින පුරා සුරාසැල් වසයි

Share

එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

 

මෙම තීරණයට අනුව ක්‍රියා නොකරන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට මෙන්ම ඔවුන්ට එරෙහිව “කාර්මික අපරාධ” චෝදනාවන් ඉදිරිපත් කිරීමටත් දිවයින පුරා සුරාබදු නිලධාරීන් යොදවා ඇති බවත් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුව දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකි වේ.

Read more

Local News