මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් පුත්තලම, කුරුණෑගල, යාපනය සහ වව්නියාව දිස්ත්‍රික් අපේක්ෂකයින් බවය.
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 320 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ඒ, සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 360 කි.
මැතිවරණයට අදාළව අපරාධ ගණයේ පැමිණිලි 86 ක් වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.



