මූසිලයාව මම තමා දේශපාලනයට ගෙනාවේ – මෛත්‍රී

Share

තමා විසින් දේශපාලනයට ගෙන ආ ඇතැම් දේශපාලකයින් මේ වන විට ආ ගිය අතක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“ගුත්තිල හා මූසිල” කථාව ඊට උපමා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් දැක්වීය.

“මම තමුන්නාන්සේලාගෙන් ප්‍රශ්නයක් අහන්න ද? මේ.. කවුද මේ මූසිල කියන්නේ..?”

“ඒ මූසිලයාව මම තමා දේශපාලනයට ගෙනාවේ..හැබැයි දැන් ගුත්තිල මූසිල සටනේ වගේ දැන් එයා පරණ වීණාව වාදනය කරන්නවත් ගුත්තිලගේ ගෙදර එන්නේ නෑ…මූසිලයා ආගිය අතක් නෑ පැනලා ගිහිල්ලා..5 වන දායින් පස්සේ මූසිලයා හොයන්නත් නෑ..”

Read more

Local News