පානීය ජල ගැටලුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන

Share

දිස්ත්‍රික් රැසක ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටලුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ගත වූ දින කිහිපය තුළ රට පුරා කළ චාරිකාවේ දී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුව වූයේ පානීය ජල අවශ්‍යතාව බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ අනුව ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සළකා පානීය ජල ගැටලුව විසඳීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

Read more

Local News