තම පියාගෙන් පසුව මෙරට පොදු ජන යුගයක් තමන් බිහිකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමාට එරෙහි කුමන චෝදනාවකට වුවද තමන් සූදානම් බවත් “සත්‍ය කවදා හෝ ජයගනු ඇති” බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (01) කොළඹ දී පැවති ජන හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.