2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ.
සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය.
මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව එක් එක් අදියර යටතේ නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
මීට අමතරව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා තැබීම, ඡන්දය පැවැත්වෙන දිනයේ රාත්‍රී කාලයේ නිරීක්ෂණය කිරීම ආදිය සඳහා ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර ඇති වූ එකඟතාවය මත නියෝජිතයින් පත් කළ හැකි බව මැතිවරණ කොමිසම පැවසීය.



