ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව

Share

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව පැවැත්වීමට රජය පියවර ගෙන ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කර ඇති බවයි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවන ශ්‍රී ලංකාවේ 70වැනි ජාතික නිදහස් උත්සවය සඳහා ජපානය සහ චීනයෙන් ද විශේෂ නියෝජිත පිරිස් ද පැමිණෙයි.

Read more

Local News