තම රට වෙත සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් පැවති නියෝගය ඇමරිකාව ඉවත් කරගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 10ක් සහ උතුරු කොරියාව බවයි ඇමරිකානු ස්වදේශ ආරක්ෂක අමාත්‍යංශ පෙන්වා දෙන්නේ.
ඇමරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම්වරිය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, ඇමරිකාවට පැමිණෙන්නන් ඉදිරියේදී දැඩි පරීක්ෂාවන්ට ලක් කරන බවයි. ඇමරිකාවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න සිය රජය දැන ගත යුතු බව ද ඇය අවධාරණය කළාය.