දකුණු කොරියාවෙන් තවත් කොරෝනා රැල්ලක් වර්ධනය වෙයි

Share

දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදනය වූ පුද්ගලයින් 197 දෙනෙකු අද (17) හමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

ඒ අනුව, එරටින් මේ දක්වා හමු වී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 15,515කි.

අද හමු වූ රෝගීන්ගෙන් බහුතරය හෙවත් 89 දෙනෙකු හමු වී ඇත්තේ සෝල් නගරයෙනි.

එය කොරෝනා වෛරසය දකුණු කොරියාවෙන් ප්‍රථම වරට හමු වූ ජනවාරි මස සිට මේ දක්වා එම ප්‍රදේශයෙන් හමු වූ වැඩිම රෝගීන් ගණන වේ.

ඉන් බහුතරය දේවස්ථාන ආශ්‍රිතව වර්තා වේ.

පුද්ගල දුරස්ථභාවය පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා වෛරස අසාදනය වූ රෝගීන් හමු වුවද නව මරණ කිසිවක් පසුගිය දින කිහිපය පුරා දකුණු කොරියාවෙන් වාර්තා වී නොමැත.

එරටින් මේ දක්වා කොරෝනා මරණ 305ක් වාර්තා වී ඇත.

Read more

Local News